පොලිස් ලොක්කන් 6 කට හදිසි මාරුවීම්

(ඔගස්ටා පෙරේරා) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එස්. මොහාන්ලාල් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (විමර්ශන) ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පත්කර තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි එම පත්කිරීම කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය. අම්පාර කෝට්ඨාසයේ පොලිස් අධිකාරී ඒ.එස්.කේ. බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, ගල්කිස්ස කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්. ටී. අනුරංග අපරාධ මහතා පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, ඇල්පිටිය කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී බී. එල්. ඒ. ප්‍රසන්න මහතා නුගේගොඩ කොට්ඨාසයට සහ නුගේගොඩ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී දීප්ති කුමාර මහතා ඇල්පිටිය කොට්ඨාසයට ස්ථාන මාරුකිරීමට ද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.