දේශීය පුවත්, පොලිස් ඇස, ප්රධාන පුවත
උපුල්දෙණිය අලුත්කඩේ අංක 4 ට
(සාලිය සමන්)
අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවකුට නීතිවිරෝධී ලෙස ජනාධිපති සමාව ප්‍රදානය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා කොළඹ අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණයට අද (10) පෙරවරුවේ ඉදිරිපත් කිරීමට නියමිතය.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ගැනීමට තුෂාර උපුල්දෙණිය මහතා ඊයේ පස්වරුවේ දෙවැනි වරට එම දෙපාර්තමේන්තුවට කැඳවා දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් පසුව රාත්‍රී අත්අඩංගුවට ගත්තේය.


