දේශීය පුවත්, ප්රධාන පුවත
උපුල්දෙණිය රිමාන්ඩ් කරයි
(සාලිය සමන්)
වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා හෙට (11) දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (10) පස්වරුවේ නියෝග කළේය.
අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවකුට නීතිවිරෝධී ලෙස ජනාධිපති සමාව ප්‍රදානය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් උපුල්දෙණිය මහතා ඊයේ (9) අත්අඩංගුවට ගත්තේය.


