සී.සී.සී. විස්සයි20 ශූරතාව දිනයි

(ෂෙවෝන් ප්‍රනාන්දු, සී.සී.සී. ක්‍රීඩාංගණයේ සිට..) සී.සී.සී. ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ප්‍රධානතම අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ – 2025 ශූරතාව දිනාගැනීමට අද (15) සමත් වූහ. පානදුර ක්‍රීඩා සමාජයට අනු ශූරතාව හිමිවිය. සී.සී.සී. ක්‍රීඩාංගණයේදී විදුලි ආලෝකය මධ්‍යයේ අද (15) රාත්‍රී පැවැති අවසන් මහ තරගයේදී සී.සී.සී. පිල කඩුලු 6කින් පානදුර ක්‍රීඩා සමාජය පරාජය කළේය. සී.සී.සී. පිල ලකුණු 173 ක ඉලක්කය ඕවර 17.4 කදී කඩුලු 4 ක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය. ලසිත් කෘස්පුල්ලේ සී.සී.සී. පිලේ ජයග්‍රහණයේ නියමුවා බවට පත්වෙමින් පන්දු 38 කින් හතරේ පහර 6 ක් සහ හයේ පහර 5 ක් සමගින් ලකුණු 78 ක් රැස්කිරීමට සමත් විය. ලසිත් කෘස්පුල්ලේ සහ දුල්නිත් සිගේරා (38) දෙවැනි කඩුල්ලට පැවැත්වූ ලකුණු 106 ක සම්බන්ධතාවයෙන් පානදුර පිලෙන් ජයග්‍රහණය ගිලිහුණි. 20 හැවිරිදි විෂේන් හැළඹගේ පළමුව පන්දුවට පහර දුන් පානදුර පිල වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 37 කින් ලකුණු 73 ක් රැස්කිරීමට සමත්විය. විෂේන්ගේ ඉනිමට හතරේ පහර 5 ක් සහ හයේ පහර 6 ක් ඇතුළත් විය. සෙනිත හැළඹගේ (නොදැවී 36) සහ විශ්ව ළහිරු (20) අටවැනි කඩුල්ලට ලකුණු 55 ක සම්බන්ධතාවක් පත්වමින් ප්‍රබල තත්වයකට රැගෙන ඒමට සමත් වූහ. එහිදී සෙනිත හැළඹගේ පන්දු 17 කින් හතරේ සහ හයේ පහර 3 බැගින් සටහන් කරමින් නොදැවී ලකුණු 36 ක් රැස්කිරීමට සමත් විය. වමතින් වේග පන්දු යවන විශ්ව ප්‍රනාන්දු ඕවර තුනකදී නිලකුණු ඕවරයක් ද සමගින් ලකුණු 7 කට කඩුලු 2 ක් දවාගනිමින් පානදුර ඉනිම ආරම්භයේදී අඩපණ කළේය. පානදුර ක්‍රීඩා සමාජය ඕවර 20 කදී කඩුලු 8 ට 172 (විෂේන් හැළඹගේ 73, දුෂාන් හේමන්ත 16, ගිමඳු මල්කන් 14, විශ්ව ළහිරු 20, සෙනිත හැළඹගේ නොදැවී 36, විශ්ව ප්‍රනාන්දු 7/2, චතුරංග ද සිල්වා 26/2, ඉසුරු උදාන 51/1, වනිඳු හසරංග 35/1, ඉනුක කරන්නාගොඩ 17/1) සී.සී.සී. පිල ඕවර 17.4 කදී කඩුලු 4 ට 174 (ලසිත් කෘස්පුල්ලේ 78, දුල්නිත් සිගේරා 38, වනිඳු හසරංග නොදැවී 25, චතුරංග ද සිල්වා නොදැවී 20, නිමේෂ් විමුක්ති 26/1, නිසල තාරක 28/1, දුෂාන් හේමන්ත 33/1, සෙනිත හැළඹගේ 24/1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.