ක්‍රීඩා
ශ්‍රී ලංකාව අමාරුවේ වැටෙයි
(ෂෙවෝන් ප්‍රනාන්දු, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (18) ක්‍රීඩාව අවසන් කර විට බංග්ලාදේශ පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී ලකුණු 484 ක් රැස්කර ප්‍රබල තත්වයක පසුවිය.
මුෂ්ෆිකුර් රහීම් (163) සහ නායක නජ්මුල් හොසේන් ශන්ටෝ (148) සිවුවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 264 ක සම්බන්ධතාවයෙන් බංග්ලාදේශය ප්‍රබල තත්වයකට පැමිණි අතර ලින්ටන් දාස් පන්දු 123 කින් රැස්කළ වේගවත් ලකුණු 90 නිසා ශ්‍රී ලංකා පිල අමාරුවේ වාටුණි.
මුෂ්ෆිකුර් රහීම් පන්දු 350 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 163 ක් රැස්කිරීමට සමත් විය. ශන්ටෝ පන්දු 279 කදී හතරේ පහර 15 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 148 ක් රැස්කළේය.
වර්ෂාව හේතුවෙන් තරගය පැය කීපයක් අද (18) අත්හිටුවා තැබීමට සිදුවූ අතර ඒ හේතුවෙන් දිනයට නියමමිත ඕවර 29 ක් යැවීමට නොහැකි විය.
තරගයේ පළමු දිනය වූ ඊයේ (17) දිනය අවසන් වන විට නායක නජ්මුල් හොසේන් ශන්ටෝ නොදැවී ලකුණු 136 ක් සහ මුෂ්ෆිකුර් රහීම් නොදැවී ලකුණු 105 ක් රැස්කර සිටියහ.
බංග්ලාද්ශය පළමු දිනයේ ක්‍රීඩාව අවසන් කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 292 ක් රැස්කර සිටියේය.
හෙට (19) තරගයේ තෙවැනි දිනයයි.
බංග්ලාදේශය පළමු ඉනිම ඕවර 151 කදී කඩුලු 9 ට 484
(මොමිනුල් හක් 29, නජ්මුල් හොසේන් ශන්ටෝ 148, මුෂ්ෆිකුර් රහීම් 163, ලින්ටන් දාස් 90, අසිත ප්‍රනාන්දු 80/3, තරිඳු රත්නායක 196/3, මිලාන් රත්නායක 38/3)


