කෙහෙළිය සමඟ බිරිඳ – දියණිය අත්අඩංගුවට

(ඔගස්ටා පෙරේරා) හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඒ මහතාගේ බිරිඳ සහ දියණිය අත්අඩංගුවට ගත් බව අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම් සභාව පැවසීය. මුදල් විශුද්ධිකරණ චොද්නාවක් සම්බන්ධයෙන් කරන විමර්ශනයකට අදාළව ඔවුන් අත්අඩංගුවට ගත් බවත් අල්ලස් කොමිසමට කළ කැඳවීමකට අනුව අද (18) පෙරවරුවේ හිටපු අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ ගැනීමෙන් අනතුරුව තිදෙනා අත්අඩංගුවට ගත් බව ද එම කොමිසම කීය. කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බිරිඳ වන කුසුම් ප්‍රියදර්ශනි ඈපා වීහේන සහ දියණිය වන චන්දුලා රමලි රඹුක්වැල්ල යන මහත්මීන් මෙසේ අත්අඩංගුවට පත්වූ බව ද අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.