ක්රීඩා, දේශීය පුවත්
ශ්රී ලංකාව කඩුලු 4 ට 368 යි
(ෂෙවෝන් ප්රනාන්දු, ගාල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේ සිට..)
ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර ගාල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (19) පස්වරුවේ ක්රීඩාව අවසන් කරවිට ශ්රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 368 ක් රැස්කර සිටියේය.
ශ්රී ලංකා පිල තෙවැනි දිනය අවසන් වන විට කඩුලු 6 ක් අතැතිව බංග්ලාදේශයට වඩා තවත් ලකුණු 127 ක් පසු පසින් සිටියේය.
කමිඳු මෙන්ඩිස් (නොදැවී 37) සහ නායක ධනංජය ද සිල්වා (නොදැවී 17) දිනය අවසන් වන විට පන්දුවට පහර දෙමින් සිටියහ.
පැතුම් නිස්සංක අනගි ඉනිමක් ක්රීඩා කරමින් පන්දු 256 කදී හතරේ පහර 23 ක් සහ හයේ පහරක සමගින් ලකුණු 187 ක් රැස්කර සිටියදී සිවුවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.
පැතුම් නිස්සංක සහ දිනේෂ් චන්දිමාල් දෙවැනි කඩුල්ලට ලකුණු 159 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.
මෙම තරගයෙන් පසුව ටෙස්ට් ක්රිකට් පිටියෙන් සමුගන්නා ඇන්ජලෝ මැතිව්ස් පන්දු 69 කින් ලකුණු 39 ක් රැස් කළ්ය.
තරගයේ දෙවැනි වූ ඊයේ (18) ක්රීඩා අවසන් කරන විට පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී ලකුණු 484 ක් රැස්කර සිටි බංග්ලාදේශ පිල අද පෙරවරුවේ ලකුණු 495 කට සීමාවිය.
හෙට (20) තරගයේ සිවුවැනි දිනයයි.
බංග්ලාදේශය පළමු ඉනිම ඕවර 153.4 කදී සියලු දෙනා දැවී 495
(මොමිනුල් හක් 29, නජ්මුල් හොසේන් ශන්ටෝ 148, මුෂ්ෆිකුර් රහීම් 163, ලින්ටන් දාස් 90, අසිත ප්රනාන්දු 86/4, තරිඳු රත්නායක 196/3, මිලාන් රත්නායක 39/3)
ශ්රී ලංකාව පළමු ඉනිම ඕවර 93 කදී කඩුලු 4 ට 368
(පැතුම් නිස්සංක 187, ළහිරු උදාර 29, දිනේෂ් චන්දිමාල් 54, ඇන්ජලෝ මැතිව්ස් 39, කමිඳු මෙන්ඩිස් නොදැවී 37, ධනංජය ද සිල්වා නොදැවී 17)


