ප්‍රධාන පුවත
කෙහෙළියේ දියණියන් – බෑනා ඇප ලබති
(සජිත් චමින්ද)
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අද (19) අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියන් දෙදෙනා සහ ඔහුගේ බෑනා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය නියෝග කළාය.
එම තිදෙනා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත්තේය.
එක් එක් සැකකරු රුපියල් 50,000 ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් බැගින් සම්පූර්ණ කිරීමෙන් පසු මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරිය නියම කළාය.


