දේශීය පුවත්, වාණිජ විත්ති
වාහන බදු කෝටි 16,500 ක්
(ඔගස්ටා පෙරේරා)
වාහන ආනයනයට අවසර දීමෙන් පසුව රුපියල් කෝටි 16,500 ක රේගු ආදායමක් වාහන ආනයනයෙන් පමණක් උපයා ඇතැයි රේගු මාධ්ය ප්රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා පැවසීය.
සීවලී අරුග්ගොඩ මහතා කොළඹදී අද (20) පැවති මාධ්ය හමුවකදී එසේ පැවසීය.
මෙම වසරේ (2025) රුපියල් කෝටි 211,500 ක ආදායම් ඉලක්කයක් ලැබී ඇති බවත් මෙම කෝටි 16,500 ක ආදායම හේතුවෙන් රේගුවට ආදායම් ඉලක්කයන් ඉක්මවා යෑමට හැකියාව ඇති බවත් අරුක්ගොඩ මහතා සඳහන් කළේය.
පසුගිය වසරේ ලැබුණු රුපියල් කෝටි 153,300 ක ආදායම් ඉලක්කය ඉක්වමින් රුපියල් කෝටි 153,500 ක ආදායමක් පසුගිය වසරේ ලැබූ බවත් මෙම වසරේ ජූනි මස මැද වන විට රුපියල් කෝටි 90,000 ක ආදායමක් උපයා ඇති බවත් ඒ මහතා කීය.
මෙම වසරේ පෙබරවාරි 1 වැනිදා සිට රජය මෝටර් රථ ආයනයට අවසර දීමෙන් පසුව මෝටර් රථ 14,000 ක් පමණ ආනයනය කර ඇති බව ද ඒ මහතා කීය.


