ක්‍රීඩා
බංග්ලාදේශය ලකුණු 187 ක් ඉදිරියෙන්
(ෂෙවෝන් ප්‍රනාන්දු, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දින වූ අද (20) පස්වරුවේ ක්‍රීඩාව අවසන් කරන විට බංග්ලාදේශ පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 177 ක් රැස්කර සිටියේය.
ඒ අනුව බංග්ලාදේශය කඩුලු 7 ක් අතැතිව ලකුණු 187 ක් ඉදිරියෙන් සිටියේය.
නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝ (නොදැවී 56) සහ මුෂ්ෆිකුර් රහීම් (නොදැවී 22) සිවුවැනි දිනය අවසන් වන විට පන්දුවට පහර දෙමින් සිටියහ.
තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (19) පස්වරුවේ ක්‍රීඩාව අවසන් කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 368 ක් රැස්කර සිටි ශ්‍රී ලංකා පළමු ඉනිම අද පස්වරුවේ ලකුණු 485 කට සීමාවිය.
කමිඳු මෙන්ඩිස් පන්දු 148 කදී හතරේ පහ 8 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 87 ක් ලබා සිටියදී 8 වැනි කඩුල්ල ලෙස දැවී ගියයේය.
හෙට (21) තරගයේ පස්වැනි සහ අවසන් දිනයයි.
ලකුණු පුවරුව
බංග්ලාදේශය පළමු ඉනිම ඕවර 153.4 කදී සියලු දෙනා දැවී 495
ශ්‍රී ලංකාව පළමු ඉනිම ඕවර 131.2 කදී සියලු දෙනා දැවී 485
(පැතුම් නිස්සංක 187, ළහිරු උදාර 29, දිනේෂ් චන්දිමාල් 54, ඇන්ජලෝ මැතිව්ස් 39, කමිඳු මෙන්ඩිස් 87, ධනංජය ද සිල්වා 19, මිලාන් රත්නායක 39, හසන් මහමුඩ් 74/3, නයීම් හසන් 121/5)
බංග්ලාදේශය දෙවැනි ඉනිම ඕවර 57 කදී කඩුලු 3 ට 177
(ශද්මන් ස්ලාම් 76, නජ්මුල් හොසේන් ෂැන්ටෝ නොදැවී 56, මුෂ්ෆිකුර් රහීම් නොදැවී 22)


