ක්‍රීඩා
ශ්‍රී ලංකා පිල ලකුණු 485 යි
(ෂෙවෝන් ප්‍රනාන්දු, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දින වන අද (20) ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිම ලකුණු 485 කට සීමාවිය.
බංග්ලාදේශය පළමු ඉනිම ඕවර 153.4 කදී සියලු දෙනා දැවී 495
ශ්‍රී ලංකාව පළමු ඉනිම ඕවර 131.2 කදී සියලු දෙනා දැවී 485
(පැතුම් නිස්සංක 187, ළහිරු උදාර 29, දිනේෂ් චන්දිමාල් 54, ඇන්ජලෝ මැතිව්ස් 39, කමිඳු මෙන්ඩිස් 87, ධනංජය ද සිල්වා 19, මිලාන් රත්නායක 39, හසන් මහමුඩ් 74/3, නයීම් හසන් 121/5)


