විශ්ව – දුනිත් සංචිතයට එති

(ෂෙවෝන් ප්‍රනාන්දු) බංග්ලාදේශයට එරෙහිව දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා නම් කර ඇති 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට දුනිත් වෙල්ලාලගේ සහ විශ්ව ප්‍රනාන්දු කැඳවා තිබේ. දෙවැනි තරගය එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අනිද්දා (25) පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිතය. ඇන්ජලෝ මැතිව්ස්, ටෙස්ට් පිටියෙන් සමුගැනීමෙන් පුරප්පාඩු වූ ස්ථානයට දුනිත් වෙල්ලාලගේ ද, මිලාන් රත්නායක සංචිතයෙන් ඉවත් කිරීමේ හිස්වූ ස්ථානයට විශ්ව ප්‍රනාන්දු ද, කැදද්‍වා තිබේ. ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය: පැතුම් නිස්සංක, ඕෂද ප්‍රනාන්දු, ළහිරු උදාර, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා (නායක), කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, පසිඳු සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ, දුනිත් වෙල්ලාලගේ, පවන් රත්නායක, ප්‍රභාත් ජයසූරිය, තරිඳු රත්නායක, අකිල ධනංජය, අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු සහ ඉසිත විජේසුන්දර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.