සේනාධිපති අල්ලස් කොමිසමට ගිය හේතුව

(සාලිය සමන්) ඇවන්ගාඩ් ආරක්‍ෂක සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අල්ලස් කොමිසමට පැමිණ අද (23) පෙරවරුවේ ප්‍රකාශයක් දුන් බවත් හිටපු අමාත්‍ය කෙහෙළිය රමුඅක්වැල්ල මහතාගේ දියණියකට වැටුප් දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශයක් දුන් බව ද දැනගන්නට තිබේ. ඇවන්ගාඩ් ආරක්‍ෂක සමාගමෙන් කෙහෙළිය රමුඅක්වැල්ල මහතාගේ දියණියකට මාසිකව රුපියල් ලක්‍ෂ 13 ක පමණ වැටුපක් දී ඇති බවත් එම වැටුප වසරක පමණ කාලයක් අඛණ්ඩව ලැබී ඇති බවත් නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් නිශ්ශංක සේනාධිපති මහතා පෙරවරු 10.00 ට පමණ අල්ලස් කොමිසම වෙත පැමිණ ඉතාම සුළු වේලාවකින් පිටත්ව ගියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.