කොළඹ නගර සභාවේ දිනක ‘සීතල’ වියදම ලක්‍ෂ 4 ක්

(සාලිය සමන්) කොළඹ මහ නගර සභාවේ මාසික රැස්වීම පැවැත්වෙන දිනකට වායු සමීකරණ එසේත් නැත්නම් ඒසී යන්ත්‍රයක් සඳහා පමණක් රුපියල් ලක්‍ෂ 4 ක පමණ මුදලක් වැය කරන බව එම නගර සභාවේ සමඟි ජනබලවේයේ මන්ත්‍රී රෝයි බෝගහවත්ත මහතා පැවසීය. වායු සමීකරණ යන්ත්‍ර සහ ශබ්ද විකාශන උපකරණ ඇතුළු උපකරණ සඳහා මාසිකරැස්වීමක් වෙනුවෙන් ලක්‍ෂ ගණනක මුදලක් වැයකරන බවත් තව දුරටත් එම මුදල් නාස්තිය නොකර නගර සභාවේ මුදලින් එම උපකරණ මිලදීගැනීමට කටයුතු කළ යුතු බවත් බෝගහවත්ත මහතා කීය. වර්තමාන ජාතික ජනබලවේග නගර සභාවේ උප නගරාධිපති හේමන්ත කුමාර මහතා රෝසි සේනානායක මහත්මිය නගරාධිපති ධූරය දරණ කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක්ව සිටියදී විරෝධය දැක්වූ බව කී බෝගහවත්ත මහතා දැන් හේමන්ත මහතාට එම වියදම් කපාහැරීමට කාලය පැමිණ ඇති බව ද සඳහන් කළේය. එහිදී නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය සහ උප නගරාධිපති හේමනත් කුමාර මහතා පැවසුවේ තමන් පාලනය භාරගත්තා පමණක් බවත් එම වියදම් කපා හැරීමට බලාපොරොත්තුව වන බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.