ක්රීඩා
ශ්රී ලංකා පිල ඉනිමකින් ජය ලබයි
(ෂෙවෝන් ප්රනාන්දු, එස්.එස්.සී. ක්රීඩාංගණයේ සිට..)
ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර එස්.එස්.සී. ක්රීඩාංගණයේදී පැවැති දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්රිකට් තරගයෙන් ශ්රී ලංකා පිල ඉනිමක සහ ලකුණු 78 පහසු දැයක් ලැබීය.
ශ්රී ලංකාව මෙම ජයග්රහණයන් සමඟ තරගාවලිය 1-0 ක් ලෙස ජය හිමි කර ගැනීමට සමත් විය.
තෙවැනි දිනය වූ ඊයේ (27) පස්වරුවේ ක්රීඩාව අවසන් කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 115 ක් රැස්කර සිටි බංග්ලාදේශ පිල අද පෙරවරුවේ ලකුණු 133 කට සීමාවය.
ලකුණු පුවරුව
බංග්ලාදේශ පිල පළමු ඉනිම ඕවර 79.3 කදී සියලු දෙනා දැවී 247
(ශද්මාන් ස්ලාම් 46, මොමිනුල් හක් 21, මුෂ්ෆිකුර් රහීම් 35, ලින්ටන් දාස් 34, මෙහෙදි හසන් මිරාෂ් 31, නයීම් හසන් 25, තයිජුල් ස්ලාම් 33, අසිත ප්රනාන්දු 51/3, විශ්ව ප්රනාන්දු 45/2, සොනාල් දිනූෂ 22/3)
ශ්රී ලංකා පිල පළමු ඉනිම ඕවර 116.5 කදී සියල දෙනා දැවී 458
(පැතුම් නිස්සංක 158, ළහිරු උදාර 40, දිනේෂ් චන්දිමාල් 93, කමිඳු මෙන්ඩිස් 33, කුසල් මෙන්ඩිස් 84, තයිජුල් ස්ලාම් 131/5, නයිම් හසන් 87/3)
බංග්ලාදේශ පිල දෙවැනි ඉනිම ඕවර 44.2 කදී සියලු දෙනා දැවී 133
(එනමුල් හක් 19, නජ්මුල් හොසේන් ෂැන්ටෝ 19, මුෂ්ෆිකුර් රහීම් 26, ධනංජය ද සිල්වා 18/2, ප්රභාත් ජයසූරිය 56/5, තරිඳු රත්නායක 19/2)


