‘පරාටේ’ නැවත පණ ලබයි

බැංකුවලට ණයගැතියන්ගේ දේපළ පවරාගැනීමේ බලය ලැබෙන ‘පරාටේ’ නීතිය අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට නැවත බලාත්මක වේ. ‘පරාටේ’ නීතිය නැවත බලාත්මක කළහොත් මෙරට කර්මාන්ත කඩාවැටෙන බව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ඇතුළු බොහෝ ව්‍යාපාරිකයන් පෙන්වා දුන් අතර ‘පරාටේ’ නීතිය අවම වශයෙන් තවත් වසරකට අත්හිටුවන ලෙස එහිදී ව්‍යාපාරිකයෝ රජයෙන් ඉල්ලා සිටිය ද සතුටුදායක ප්‍රතිචාරයක් නොලැබුණි. ‘පරාටේ’ නීතිය සහ එම නීතියත් සමඟ බැංකු කටයුතු කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ කොළඹදී පැවැත්විණි. එම සාකච්ඡාව ‘පරාටේ’ නීතිය නැවත අත්හිටුවීම පිළිබඳ තීරණයකින් තොරව අවසන් වීම නිසා අද මධ්‍යම රාත්‍රීයෙන් සිට ‘පරාටේ’ නීතිය නැවත බලාත්මක වේ. ‘පරාටේ’ නීතිය සම්බන්ධ ගැටලුව ඇතුළු ගැටලු පිළිබඳව තවත් සාකච්ඡාවක් මුදල් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අනිද්දා (2) පෙරවරු 10.00 ට පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.