බස් ගාස්තු ‘සොච්චමකින්’ අඩුකරයි

(ඔගස්ටා පෙරේරා) බස් ගාස්තු මෙම මස 4 වැනිදා මධඹ රාත්‍රියේ සිට සියයට 0.55 කින් අඩු කිරීමට තීරණය කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. සමස්ත ගාස්තුව අඩු වුවද අවම බස් ගාස්තුව සංශෝධනයක් නොවන අතර එය තව දුරටත් රුපියල් 27 ක පවතින බව ද එම කොමිෂම සඳහන් කරයි. මෙම වසරේ (2025) වාර්ෂික බස් ගාස්තු සංශෝධනයෙන් බස් ගාස්තුව සියයට 2.5කින් අඩු වන බව නිරීක්ෂණය වූ නමුත් ඉන්ධන මිල සූත්‍රය අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය සිදුවූ බැවින් ඉන්ධන මිල ගැළපීමෙන් පසුව නව බස් ගාස්තු සංශෝධනය සියයට 0.55කින් අඩු කිරීමක් බවට පත්වූ බවත් එම නිලධාරියා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.