විමල් වීරවංශ පිටව යයි

(සාලිය සමන්) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීමකට අනුව අද (9) පෙරවරුවේ එම දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැය එකහමාරකට ආසන්න කාලයකින් පසුව ඉන් පිටව ගියේය. හිටපු අමාත්‍යවරයා පෙරවරු 10.30 පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර මධ්‍යහන 12.00 ට පමණ පිටව ගියේය. බාහලුම් 323 ක් රේගු පරීක්ෂාවකින් තොරව අනීතිකව නිදහස් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් එහිදී විමල් වීරවංශ මහතාගෙන් ප්‍රකාශයක් ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.