දේශීය පුවත්, ප්රධාන පුවත, වාණිජ විත්ති
වාණිජ වාහනවල ලීසිං සියයට 80කට අඩු කරයි
(ඔගස්ටා පෙරේරා)
මෝටර් රථ වාහන සඳහා ණය පහසුකම් සැපයීමේදී වාණිජ බැංකු, බලපත්රලාභී මූල්ය සමාගම් සහ ලියාපදිංචි මූල්ය ලීසිං ආයතන ඉලෙක්ටි්රක් නොවන වාණිජ වාහන සඳහා සැපයූ සියයට 90 ක ප්රතිශතය සියයට 80 ක් දක්වා අඩු කිරීමට ශ්රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.
ඉලෙක්ටි්රක් නොවන මොටර් කාර්, එස්.යූ.වී. සහ වෑන් රථ සඳහා සියටය 50 ක ණය සීමාව සියයට 60 ක් දක්වාත්, ඉලෙක්ටි්රක් නොවන ත්රීවීල් රථ සඳහා වටිනාකමින් සියයට 25 ක්ව පැවැති ණය සීමාව සියයට 50 ක් දක්වාත් ඉහළ දමා තිබේ.
මෝටර් රථ වාහන සඳහා මූල්ය පහසුකම් සැපයීමේදී අනුගමනය කළ යුතු ක්රමවේද යාවත්කාලීන කරමින් ශ්රී ලංකා මහ බැංකුව නව මාර්ගෝපදේශ සංග්රහයක් නිකුත් කර තිබේ.
2018 වසරේ පෙබරවාරි 8 වැනි දින නිකුත් කළ මාර්ගෝපදේශයන් යාවත්කාලීන කරමින් ඊයේ (17) නව මාර්ගෝපදේශ මහ බැංකුව නිකුත් කර තිබුණි.


