දේශීය පුවත්, ප්රධාන පුවත
සීදූවේ වෙඩි තැබීමකින් හිටපු සෙබළෙක්ට තුවාල
(සාලිය සමන්)
සීදූව ප්‍රදේශයේදී අද (21) රාත්‍රී සිදුවූ වෙඩි තැබීමකින් විශ්‍රාමික යුද හමුදා සෙබළකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කළ බව සීදුව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.
යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු සීදූව රාජපක්ෂ මාවතේදී මෙම වෙඩි තැබීම කර පලාගොස් ඇති බවත් විශ්‍රමික යුද හමුදා සෙබළාට වෙඩි ප්‍රහාර තුනක් වැදී ඇති බවත් පොලිසිය කීය.
තුවාලකරුගේ මුඛයට සහ පාදවලට තුවාල සිදුව ඇති බවත් පිස්තෝල ගිනි අවියකින් මෙම වෙඩි තැබීම කර ඇති බවට අනුමාන කරන බවත් පොලිසිය වැඩි දුරටත් පැවසීය.


