හිටපු ජනපති රනිල් වැලිකඩට

(සාලිය සමන්) රාජ්‍ය මුදල් අවභාවිත කළේ යැයි චෝදනාට රක්‍ෂිත බන්ධනාගාරගත කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැලිකඩ බන්ධනාගාරයට අද (22) රාත්‍රී ඇතුළත් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසීය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) රාත්‍රී 10.30 ට පමණ වැලිකඩ බන්ධනාගාරයට ඇතුල් කළ බව එම දෙපාර්තමේන්තුව කීය. රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කරනවද නැද්ද තීරණය කරන නොමැති බවත් එය වෛද්‍ය නිර්දේශ මත තීරණය වන බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.