ශ්‍රී ලංකා එක්දින පිල සිම්බාබ්වේ යයි

(ෂෙවෝන් ප්‍රනාන්දු) සිම්බාබ්වේට එරෙහිව එක්දින තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම අද (22) රාත්‍රී පිටත්ව ගියේය. කෝඬුකාර යොවුන් පිතිකරු පවන් රත්නායක මෙම සංචාරයට එක්ව සිටියි. ශ්‍රී ලංකා එක්දින පිලේ ප්‍රධානම දඟ පන්දු යවන්න වන වනිඳු හසරංග ආබාධයකට ගොදුරුව සිටීම නිසා මෙම සංචාරයෙන් විවේක ගන්නා තිබේ. මෙම තරගාවලියේ එක්දින තරග දෙක හරාරේහිදී මේ මස 29 සහ 31 දෙදින පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා එක්දින සංචිතය: චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, නිෂාන් මධුෂ්ක, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, නුවනිඳු ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, පවන් රත්නායක, දුනිත් වෙල්ලාලගේ, මිලාන් රත්නායක, මහීෂ් තීක්‍ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, අසිත ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර සහ ඩිල්ෂාන් මධුශංඛ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.