දේශීය පුවත්
මනූෂගේ පූර්ව ඇප ඉල්ලීම 8 වැනිදා සළකා බලයි
(ඔගස්ටා පෙරේරා)
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ඊශ්රායල් රාජ්යය අතර 2023 වසරේ ඇතිකරගත් ඊශ්රායල් රැකියා ගිවිසුම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම කරන විමර්ශනයන්හිදී අත්අඩංගුවට පත් වුවහොත් ඇප ගතහැකිවන පරිදි පූර්ව ඇපයක් නියම කරන්නැයි ඉල්ලා හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා ගොනු කළ පෙත්සම ලබන 8 වැනි දින විමසීමට
කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංක එස්. බෝදරගම මහතා අද (3) දින නියම කළේය.
මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරුට පූර්ව ඇපයක් නියම කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වය ප්රකාශ කරන බව අල්ලස් කොමිසම ලිඛිත කරුණු ගොනුකරමින් සඳහන් කළේය.
අල්ලස් කොමිසම ගොනුකළ ලිඛිත කරුණු සළකා බැලීමෙන් පසුව මෙසේ පැමිණිල්ල විමසීමට දින නියම කළේය.
අල්ලස් කොමිසම ඉදිරිපත් කරන ලිඛිත කරුණු සළකා බලා ඊට අදාළ ලිඛිත දේශන ලබන 6 වැනි දිනට පෙර යොමු කරන ලෙස නියෝග කළ මහේස්ත්රාත්වරයා පැමිණිලි විමසීම ලබන 8 දිනට නියම කළේය.


