ක්‍රීඩා, දේශීය පුවත්, ප්‍රධාන පුවත
දඹුල්ල තන්ඩර්ස් හිමිකරුට අධි චෝදනා ගොනුකරයි
(ඔගස්ටා පෙරේරා)
ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී – 2024 (එල්.පී.එල්.) මුදලට තරග පාවාදීමට යෝජනා කළේ යැයි චෝදනාවට දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු බංග්ලාදේශ සම්භවයක් ඇති බි්‍රතාන්‍ය ජාතික තමීම් රහ්මාන් නැමැත්තාට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා තීරණය කර තිබේ.
ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ ඒකකය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතාට ඊයේ (3) එම තීරණය දැනුම් දුන්නේය.
සැකකාර තමීම් රවුමන් අධිකරණයේ පෙනී සිටි සිටීමෙන් අනතුරුව ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය පැවසුවේ ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනතේ 5, 6 සහ 8 වගන්තිය යටතේ මෙම සැකකරු සම්බන්ධයෙන් විමර්ශන කර අදාළ වාර්තා නීතිපතිවරයාට යොමු කර ඇති බවය.
ඒ අනුව සැකකරුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට නියමිත බැවින් නඩුව වෙනත් දිනක කැඳවීමට දින නියම කරන ලෙස එම ඒකකය ඉල්ලා සිටියේය.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල දෙසැම්බර් 5 දින කැඳවීමට දින නියම කළේය.


