දේශීය පුවත්, ප්‍රධාන පුවත
ඉෂාරාට මිද්දෙණියට පනින්න ‘මතුගම ශාන්’ගෙන් බරපැන
(සාලිය සමන්)
පාතාල නායකයකුව සිටි ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දිට මතුගම, වැලිපැන්නේ සිට මිද්දෙණියට පලායෑමට ‘මතුගම ශාන්’ නැමැති පාතාල කල්ලි සාමාජිකයා මුදල් වියදම් කර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතාට දැනුම් දුන්නේය.
‘ගනේමුල්ලේ සංජීව’ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ඉෂාරා සෙව්වන්දි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිට මතුගම, වැලිපැන්නට පලායෑම, වැලිපැන්නේ සිට මාතර, මිත්දෙණිය, යාපනය දක්වා ගමන් ගත් ආකාරය පිළිබඳව වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාසය මෙම කරුණු ඉදිරිපත් කළේය.
රජයේ සේවකයන්, පොලිස් නිලධාරීන්, පාතාල සාමාජිකයන්, ව්‍යාපාරිකයන් සහ සිවිල් පුරවැසියන් මෙම සිද්ධියට ආධාර අනුබල දී ඇති බව ද පොලිසිය අධිකරණයට දැන්වීය.
සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත සැකකරුවන් සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කළ අතර පසුගියාදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකාරියන් හතරක් බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කළේය.
‘ගනේමුල්ලේ සංජීව ඝාතන සිද්ධිය හා ඉෂාරා සෙව්වන්දිට ආධාර අනුබලදීම යන කරුණ මත සැකකරුවන් විසිහත්දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය කරුණු දක්වමින් පැවසීය.
රෝහල් සේවිකාවක් ලෙස කටයුතු කළ 23 වන සැකකාරිය වන දොන් ප්‍රියංගා යන අය ඉෂාර සෙව්වන්දිව යතුරුපැදියෙන් ඇයගේ නිවසට රැගෙන ඇවිත් ආරක්ෂාව සලසා දී තිබෙන බව ද එහිදී කියවිණි.


