දේශීය පුවත්
නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ ‘රාජපක්‍ෂලා’ හීනෙන් දකිනවා
(සාලිය සමන්)
නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාට නිරන්තරයෙන් රාජපක්‍ෂ, නාමල් කියන ඒවා හිනෙනුත් පේන බවත් මගේ රාජපක්‍ෂ, මගේ නාමල් කියලා හීනෙන් නැගිට්ටද කියලා ඔහු පමණක් දක්වා බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අද (24) පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්‍ෂ මහතා එසේ පැවසීය.
හීනෙන් මොන රාජපක්‍ෂව ද පේන්නේ කියලා එතුමා දන්නා බවත් එතුමා සතුටින් ඉන්න ආකාරය දැක්කම මේ දවල්වල නාමල්ව පේන බව නම් පැහැදිළි බවත් නාමල් රාජපක්‍ෂ මහතා කීය
එතුමාගේ පක්‍ෂයෙත් නාමල් කරුණාරත්න කියලා කෙනෙක් සිටින අතර ඒ නාමල්ව නොදැක තමන්ව දැකීම පිළිබඳව එක පැත්තකින් සතුටු වන බව කී රාජපක්‍ෂ මහතා නාමල් නම දැක්ක ගමන් මාව මතක් වෙන එක ගැන සතුටු වන බව ද සඳහන් කළේය.
සිය අමාත්‍ය මණ්ඩලයේ ඉන්න නාමල්ව අමතක වෙලා විපක්‍ෂයේ ඉන්න නාමල්ව මතක් වෙනවා කියන එකත් ලොකු දෙයක් බවත් මගේ පණ, මගේ ආදරේ ලෙස ගැහැණු ළමයි පිරිම ළමයි මල් කඩන කාළේ පෙම් බදින කාළේ එසේ දුරකථනයේ අංක සේව් කරන අතර එහෙම අංකයක් එයා දකින්න ඇති බවත් නාමල් රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් කීය.


