ක්රීඩා
මතීෂ – ඩිල්ෂාන් විවේකගන්වති
(ෂෙවෝන් ප්‍රනාන්දු)
පාකිස්තානයේදී මෙම මස 11 වැනිදා ආරම්භ වන තරග සංචාරයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතවලින් වේග පන්දුයවන්නන් වන මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මධුසංඛ විවේක ගන්වා තිබේ.
මතීෂ පතිරණගේ ස්ථානයට විස්සයි20 සංචිතයට වේග පන්දු යවන අසිත ප්‍රනාන්දු ද, ඩිල්ෂාන් මධුසංඛගේ ස්ථානයට එක්දින සංචිතයට වේග පන්දු යවන ඒෂාන් මාලිංග ද, කැඳවා සිටිති.
මෙම සංචාරයේ එක්දින තරගාවලිය මේ මස 11 වැනිදා ආරම්භ වේ. පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ සහභාගි වන විස්සයි20 තුන්කොන් තරගාවලිය මේ මස 19 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වේ.
ශ්‍රී ලංකා එක්දින සංචිතය:
චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, ළහිරු උදාර, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, පවන් රත්නායක, වනිඳු හසරංග, මහීෂ් තීක්‍ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුෂාන් සහ ඒෂාන් මාලිංග
ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය:
චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, කමිල් මිෂාර, දසුන් ශානක (උප නායක), කමිඳු මෙන්ඩිස්, භානුක රාජපක්‍ෂ, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්‍ෂණ, දුෂාන් හේමන්ත, දුෂ්මන්ත චමීර, නුවන් තුෂාර, අසිත ප්‍රනාන්දු සහ ඒෂාන් මාලිංග


