හේමාල් රණසිංහ පොලිසිය මඟහැරලා

(සාලිය සමන්) සමාජ මාධ්‍ය ක්‍රියාකාරියකුට පහර දුන්නේ යැයි සිද්ධියක් සම්බන්ධයෙන් ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ මහතා අද (3) අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය පැවසීය. වැල්ලවත්ත හැව්ලොක් සිටිහීදී පසුගිය ජනවාරි මස 8 වැනිදා හේමාල් රණසිංහ මහතා අදාල පුද්ගලයාට පහර දී ඇති බවත් රණසිංහ මහතාට පොලිසියට පැමිණෙන ලෙස අවස්ථා කීපයකදී දැනුම් දුන්න ද මඟහැරි බවත් වැල්ලවත්ත පොලිසියේ උසස් නිලධාරියෙක් කීය. අත්අඩංගුවටගත් සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව ද එම පොලිස් නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.