ක්රීඩා
දකුණු අප්‍රිකාව දෙවැනි සුපිරි ඕවරයේදී ජයගනී
(ෂෙවෝන් ප්‍රනාන්දු)
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 13 වැනි තරගය ලෙස දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්තානය අතර අහ්මදාබාද්හිදී අද (11) පැවැති තරගයේ දෙවැනි ‘සුපිරි ඕවරයේ’දී දකුණු අප්‍රිකාව ලකුණු 4 කින් ජය ලැබීය.
දෙවැනි ‘සුපිරි ඕවරය’ තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව කිසිවකු නොදැවී ලකුණු 23 ක් රැස්කළ අතර ඇෆ්ගනිස්තානය එම ඕවරයේදී කඩුලු 2 ක් දැවී ලකුණු 19 ක් පමණක් රැස් කළේය.
මෙම තරග ලෝක විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේ විශේෂ තරගයක් බවට පත්වූ අතර තරගයේ නියමිත ඕවර 20 ඉනිම දෙකේදී කණ්ඩායම් දෙක ලකුණු 187 බැගින් රැස්කිරීමෙන් තරගය සමවිය.
ඉන් පසුව ක්‍රියාත්මක කළ ‘සුපිරි ඕවරය’ තරගයේදී ද ලකුණු 17 බැගින් සමවීම නිසා දෙවැනි ‘සුපිරි ඕවරය’ තරගයකට යෑමට සිදුවිය.
ප්‍රධාන ලකුණු පුවරුව
දකුණු අප්‍රිකාව ඕවර 20 කදී කඩුලු 6 ට 187
(කුවින්ටන් ඩී. කොක් 59, රයන් රිකෙල්ටන් 61, අෂ්මටුල්ලා ඔමාර්ෂායි 41/3, රෂීඩ් ඛාන් 28/2)
ඇෆ්ගනිස්තානය ඕවර 19.4 කදී සියලු දෙනා දැවී 187
(රමනුල්ලා ගුර්බාෂ් 84, අෂ්මටුල්ලා ඔමාර්ෂායි 22, ලුන්ගි න්ගිදි 26/3)
පළමු ‘සුපිරි ඕවරය’ තරගය
ඇෆ්ගනිස්තානය ඕවරයේදී කිසිවකු දැවී 17
(අෂ්මටුල්ලා ඔමාර්ෂායි නොදැවී 16)
දකුණු අප්‍රිකාව ඕවරයේදී කඩුලු 1 ට 17
(ටි්‍රස්ටාන් ස්ටුබ්ස් නොදැවී 10, ෆෂාල්හක් ෆාරුක් 17/1)
පළමු ‘සුපිරි ඕවරය’ තරගය
දකුණු අප්‍රිකාව ඕවරයේදී කිසිවකු නොදැවී 23
(ඩේවිඩ් මිලර් නොදැවී 16)
ඇෆ්ගනිස්තානය ඕවරයේදී කඩුලු 2 ට 19
(රමනුල්ලා ගුර්බාෂ් 18, කේෂාව් මහරාජ් 19/2)


