ශ්‍රී ලංකා පිල අයර්ලන්තය පරදවයි

(ෂෙවෝන් ප්‍රනාන්දු, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිට..) විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (8) රාත්‍රී පැවති තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 20 කින් අයර්ලන්තය පරාජය කිරීමට සමත් වූහ. මෙම තරගය ශ්‍රී ලංකා පිල මෙවර ලෝක කුසලාන තරගාවලියේ සහභාගි වූ පළමු තරගය වන අතර ඒ අනුව ශ්‍රී ලංකා පිල සාර්ථක ආරම්භයක් ලබාගත්තේය. ජයග්‍රහණය සඳහා ලකුණු 164 ක ඉලක්කය හඹා ගිය අයර්ලන්ත පිල ඕවර 19.5 කදී ලකුණු 143 කට සීමාකිරීමට ශ්‍රී ලංකා පන්දුයවන්නෝ සමත් වූහ. අයර්ලන්ත පිල ඉනිමේ 15 වැනි ඕවරයේ පළමු පන්දුව අවසන් වන විට කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 105 ක් ලබා ප්‍රබල තත්වයක පසුවුව ද ඉතිරි කඩුලු 8 ලකුණු 38 ක් තුළ දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී මහීෂ් තීක්ෂණ (23/3) සහ වනිදු හසරංග (25/3) අනගි පන්දු යැවීමකට නිරතවෙමින් කඩුලු 3 බැගින් දවාගත්හ. කුසල් මෙන්ඩිස් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලේ සාර්ථකම පිතිකරු බවට පත්වෙමින් පන්දු 43 කින් හතරේ පහර 5 ක් සමගින් නොදෙවී ලකුණු 56 ක් රැස්ක⁣ළේය. කමිදු මෙන්ඩිස් වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 19කදී හතරේ පහර හතරක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 44 ක් රැස්කරමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. ශ්‍රී ලංකා පිල ඕවර 20 කදී කඩුලු 6 ට 163 (පැතුම් නිස්සංක 24, කමිල් මිෂාර 14, කුසල් මෙන්ඩිස් නොදැවී 56, කමිඳු මෙන්ඩිස් 44, බැරී මැකාතී 40/2, ජෝර්ජ් ඩොක්රල් 17/2) අයර්ලන්ත පිල ඕවර 19.5 කදී සියලු දෙනා දැවී 143 (රොස් ඇඩෙයාර් 34, හැරී ටෙක්ටර් 40, ලෝකන් ටකර් 21, මහීෂ් තීක්ෂණ 23/3, වනිදු හසරංග 25/3, මතීෂ පතිරණ 26/2, දුෂ්මන්ත චමීර 25/1, දුනිත් වෙල්ලාලගේ 28/1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.