දේශීය පුවත්, ප්‍රධාන පුවත
නව ත්‍රස්ත විරෝධී පනත භයානකයිලු
(ඔගස්ටා පෙරේරා)
යෝජිත ත්‍රස්ත විරෝධී පනත යටතේ රඳවාගැනීමේ ස්ථාන ස්ථාපිත කිරීමට විධායකට බලය ලැබෙන අතර ඒවා සාමාන්‍ය බන්ධනාගාර නොව අපේ රටේ ඉතිහාසය ගැන හිතන්නේ නම් මෙවැනි ස්ථානවල මිනීමැරුම්, මනුෂ්‍ය ඝාතන සහ වදදීම් කළ බවත් ඒවා ස්ථාපිත කිරීමට රජයට මෙම පනතින් බලය ලැබෙන බවත් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (12) පැවසීය.
ඒකාබද්ධ විපක්ෂය බොරැල්ල ආචාර්ය එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී අද (12) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ පැවසීය.
අධිකරණ භාරයේ සිටින චූදිතයෙක් ආරක්‍ෂක ලේකම්වරයාගේ නියෝගයෙන් ඉවත් කර පොලිස් භාරයට යැවීමට මෙම පනතේ පුදුම ප්‍රතිපාදනයක් තිබීම ඉතාම භායානක බවත් මෙම පනත වැඳගත් සංශෝධනවලට ලක්කර ඉදිරිපත් කළ යුතු බවත් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේය.
මෙරට තුළ පසුගිය දශක කීපය තුළ ඉදිරිපත් කළ පනත් අතරින් විශාලත දුර්විපාක ඇතිවන යෝජිත ත්‍රස්ත විරෝධී පනත පසුගිය දෙසැම්බර් මස අධිකරණ අමාත්‍යංශයේ වෙබ් අඩිවියට ඇතුළත් කර ඇති බවත් මෙතෙක් දුරට මෙරට බුද්තිවිදි ප්‍රජාතන්ත්‍රවාද සංස්කෘතියට අවසාන තිත මෙම පනත යැයි කිවහැකි බවත් ඔහු පැවසීය.
කතා කිරීමේ, අදහස් හුවමාරු කිරිමේ නිදහස, තමන් කැමති සංවිධානයකට බැදීමේ නිදහස, රැස්වීමේ නිදහස එනම් මෙරට ජනතාව දෛනිකව බුක්තිවිදින නිදහස මෙම පනත සම්මත වුවහොත් කිසිසේත්ම ආරක්‍ෂා කිරීමට නොහැකි බව කී ජී. එල්. පීරිස් මහතා සිතේ බියක් නොමැතිව කිසිවකුට රට තුළ ජීවත්වීමේ අවස්ථාව නොලැබෙන බව ද සඳහන් කළේය.
රට තුළ පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද ඉතාම අයහපත් ප්‍රතිඵලවලට මුහුණදීමට සිදුවන බව කී මහාචාර්යවරයා පැවසුවේ ශ්‍රී ලංකාව විවිධ රටවල සමඟ නොයෙක් ගිවිසුම් අස්සන් කර ඇති අතර යුරෝපීය සංගමය සමඟ විශේෂ ගිවිසුම්වලට අස්සන් කර ඇති බවත්ය.
එම ගිවිසුම් නිසා අපනයන භාණ්ඩ, රෙදිපිළි, තේ, මුතු මැණික්, මත්ස්‍ය නිෂ්පාදන සහ සම් භාණ්ඩ ඇතුළු බොහෝ දේ යුරෝපීය වෙළෙඳපොලට තීර බදු නොමැතිව යැවීම ඇතුළු මෙරටට නොයෙක් වරප්‍රාසාද ලැබෙන බවත් යුරෝපා සංගමයෙන් මෙරටට ජීඑස්පී ප්ලස් වරප්‍රසාදය ලැබෙන අතර එය සදාකල් කොන්දේසි රහිතව ලැබෙන දෙයක් නොවන බවත් ඒ මහතා කීය.
මෙරට ජාතයන්තර ගිවිසුම්වලට අනුකූලව කටයුතු කරන්නේ නම් පමණක් ජීඑස්පී ප්ලස් වරප්‍රසාදය ලැබෙන බවත් මෙම පතන සම්මත වන දිනය මෙරට එම ගිවිසුම්වලට පටහැනිව කටයුතු කරන තත්වයකට පත්වන බවත් ඔහු සඳහන් කළේය.


