ක්‍රීඩා, දේශීය පුවත්
ශ්‍රී ලංකා පිල පළමු ස්ථානයට
(ෂෙවෝන් ප්‍රනාන්දු)
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පල්ළෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (12) පැවැති තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 105 කින් ඕමානය පරාජය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණියේය.
ශ්‍රී ලංකා පිල එම ජයග්‍රහණයත් සමඟ ප්‍රසාද ලකුණු 4 ක් හිමිකරගනිමින් ‘බී’ කාණ්ඩයේ පළමු ස්ථානය දක්වා උසස්වීම් ලබමින් ශුද්ධ ලකුණු වේගය ධන 3.125 ක් දක්වා ඉහළ ගෙන ඒමට සමත් විය.
ශ්‍රී ලංකාව පිල මෙම තරගයට පෙර අයර්ලන්තය පරාජය කිරීමෙන් ධන 1.000 ක ශුද්ධ ලකුණු වේගයක් පමණක් රඳවාගෙන තිබුණි. ශ්‍රී ලංකා පිල මෙම දෙවැනි ජයග්‍රහණයෙන් ශුද්ධ ලකුණු 2.125 ක් එකතු කරගැනීම කැපී පෙනේ.
පළමු වටයේ තරග අවසානයේදී ‘සුපිරි අට’ වටයට සුදුසුකම් ලැබීමේදී ප්‍රසාද ලකුණු සම වුවහොත් ශුද්ධ ලකුණු වේගයෙන් ඉහළ සිටින කණ්ඩායමට ඉදිරියට යෑමේ අවස්ථාව හිමිවේ. ඒ අනුව ශුද්ධ ලකුණු වේගය ඉහළ අගයක තබාගැනීම වඩාත් වැඳගත්ය.
ඕමානය වැනි අත්දැකීම් අඩු කණ්ඩායම් සමඟ තරගවලදී වැඩි ලකුණු පරතරකින්, අඩු කඩුලු සංඛ්‍යාවකින් එසේ නැත්නම් අඩු ඕවර සංඛ්‍යාවකින් තරග ජය ලැබීමට ප්‍රබල කණ්ඩායම් අවදානය යොමු කරයි.


