දේශීය පුවත්, ප්‍රධාන පුවත, වාණිජ විත්ති
විදුලි බිල සියයට 13.56 කින් ඉහළ දැමීමට යෝජනාවක්
(ඔගස්ටා පෙරේරා)
මෙම වසරේ (2026) දෙවැනි කාර්තුවට අදාළ විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසම් සභාවට යෝජනාවක් ඉදිරිපත් කරමින් විදුලි ගාස්තුව සියයට 13.56 කින් ඉහළ නැන්වීමක් ඉල්ලා ඇති බව මහජන උපයෝගිතා කොමිසම පැවසීය.
එම යෝජනාවෙන් ලබන අප්‍රේල් මස 1 වැනිදා සිට ජුනි මස 30 වැනිදා දක්වා වන කාලය සඳහා මෙම විදුලි ගාස්තු ඉහළ නැංවීම යෝජනා කර තිබේ.
ඒ අනුව ඒකක 0 සිට 30 දක්වා ඒකකයට අය කෙරුණු රුපියල් 4.50ක මුදල ගාස්තුව රුපියල් 5.11ක් දක්වා ද ,
ඒකක 31 සිට 60 දක්වා ඒකකයට රුපියල් 8.00 ක් අය කළ ද නව සංශෝධනයෙන් ගාස්තුව රුපියල් 9.08 ක් දක්වා ද, ඒකක 61 සිට 90 දක්වා විදුලිය ගාස්තුව රුපියල් 18.50ක් වූ අතර වන යෝජිත නව සංශෝධනය හරහා රුපියල් 21.01 දක්වා ද, ඉහළ දැමීමට යෝජනා කර තිබේ.ල
ඒකක 91 සිට 120 දක්වා ඒකකයට රුපියල් 24 ක් වුවද එය රුපියල් 27.25ක් දක්වා ද, ඒකක 121 සිට 180 දක්වා ඒකකයට රුපියල් 41ක් වුවද එය රුපියල් 46.56 ක් දක්වා ද, ඒකක 181කට වැඩි විදුලිය පරිභෝජනය කෙරෙන, ඒකකයක් සඳහා රුපියල් 61ක් වූ ගාස්තුව රුපියල් 69.27ක් දක්වා ද, ඉහළ දැමීමට අපේක්ෂා කරන බව විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාවේ සඳහන් වේ.


