ක්‍රීඩා
ඉන්දියාව කලින්ම ‘සුපිරි අට’ වටයට එයි
(ෂෙවෝන් ප්‍රනාන්දු, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ සිට..)
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 27 වැනි තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (15) රතීු පැවති තරගයේදී ඉන්දීය ක්‍රීඩකයෝ ලකුණු 61 කින් පාකිස්තානය පරාජය කිරීමට සමත් වූහ.
ඉන්දියාව මෙම ජයග්‍රහණයත් සමග තරගයක් ඉතිරිව තිබියදී සුපිරි අට’ වටයට සුදුසුකම් ලබා ගත්තේය.
ඉන්දියාව මෙම ජයග්‍රහණයත් සමග සහභාගි වූ තරග තුනම ජය ලබා ප්‍රසාද ලකුණු සටහනේ ඒ කාණ්ඩයේ පළමු ස්ථානය තහවුරු කරගැනීමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 176 ක ඉලක්කය හඹාගිය පාකිස්තානු පිල ඕවර 18 කදී ලකුණු 114 කට සීමාවිය.
පාකිස්තානු පිලේ පළමු කඩුලු තුන ලකුණු 13 ක් තුළ බිඳවැටීමෙන් අමාරුවේ වැටුණි.
පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල වෙනුවෙන් ඉෂන් ක්‍රිෂාන් පන්දු 40 කදී හතරේ පහර 10 ක් හයේ පහර 3 ක් සමගින් ලකුණු 77ක් රැස්කිරීමට සමත් විය.
ඉන්දීය පිල ඕවර 20 කදී කඩුලු 7 ට 175
(ඉෂන් ක්‍රිෂාන් 77, තිලක් වර්මා 25, සූර්යකුමාර් යාදේව් 32, ශිවන් ඩුබි 27, සයිම් අයුබ් 25/3)
පාකිස්තානු පිල ඕවර 18 කදී සියලු දෙනා දැවි 114
(උස්මාන් ඛාන් 44, ශදාබ් ඛාන් 14, ශහින් ෂා අෆ්රිඩි 23, ජස්ප්‍රිට් බුම්රා 17/2, අෂාර් පටෙල් 29/2, හර්ද්‍රික් පාණ්ඩියා 16/2)


