ශ්‍රී ලංකාව – ඕස්ට්‍රේලියාවට අද තරගය තීරණාත්මකයි

(ෂෙවෝන් ප්‍රනාන්දු, පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..) විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරක ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පළමු වටයේ තීරණාත්මක තරගය මහනුවර, පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (16) රාත්‍රී පැවැත්වේ. මෙම තරගය අද රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා පිල සහභාගි වූ තරග දෙකම ජය ලබා ප්‍රසාද ලකුණු 4ක් සමගින් ‘බී’ කාණ්ඩයේ පළමු ස්ථානය හිමි කරගෙන සිටියි. ශ්‍රී ලංකාව මෙම තරගය ජය ලැබුවහොත් තරගයක් ඉතිරිව තිබියදී සුපිරි අට වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිවෙයි. ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිම්බාබ්වේ හමුවේ පරාජයට පත්වීම හේතුවෙන් ප්‍රසාද ලකුණු 2ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය පසුවනන අතර ඕස්ට්‍රේලියාව සුපිරි අට වටය පිළිබඳව බලාපොරොත්තු තබා ගැනීමට නම් අද තරගයෙන් ජය ලැබීම වඩාත් වැදගත් වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.