සිම්බාබ්වේ පිල ශ්‍රී ලංකාව පරදවා අපරාජිතව ‘සුපිරි අට’ වටයට

(ෂෙවෝන් ප්‍රනාන්දු, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිට..) විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 38 වැනි තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (19) පැවැති තරගයේදී සිම්බාබ්වේ ක්‍රීඩකයෝ කඩුලු 6 කින් ශ්‍රී ලංකාව පරාජය කිරීමට සමත් වූහ. සිම්බාබ්වේ මෙම ජයග්‍රහණයත් සමඟ පළමු වටයේ තරග හතරෙන් තරග තුනක් ජය ලබා තරගයක් විසඳුමකින් තොරව අවසන් වී අපරාජිතව ප්‍රසාද ලකුණු 7 ක් හිමිකරගනිමින් ‘බී’ කාණ්ඩයේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත් විය. සත්කාර ශ්‍රී ලංකාව පළමු වටයේ තරග හතරෙන් තරග තුනක් ජය ලබා, තරගයක් පරාජය වී ප්‍රසාද ලකුණු 6 ක් සමගින් ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකරගත්තේය. සිම්බාබ්වේ පිල ලකුණු 179 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 19.3 කදී කඩුලු 4 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය. සිම්බාබ්වේ ආරම්භක පිතිකරු බ්‍රයන් බෙනෙට් අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 48 කින් හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 63 ක් රැස්කළේය. ශීකන්දර් රාසා වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 26 කින් හතරේ පහර 2 ක් සහ හයේ පහර 4 ක් සමගින් රැස්කළ ලකුණු 45 ශ්‍රී ලංකා පිලෙන් ජයග්‍රහණය උදුරා ගත්තේය. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 41 කින් හතරේ පහර 8 ක් සමගින් ලකුණු 62 ක් රැස්කරමින් ඉනිමේ ඉහළතම ලකුණු ලාභියා බවට පත්විය. පවන් රත්නායයක නැවත වරක් ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 25 කින් ලකුණු 44 ක් රැස්කළ අතර එයට හතරේ පහර 3 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් විය. ශ්‍රී ලංකා පිල ඕවර 20 කදී කඩුලු 7 ට 178 (පැතුම් නිස්සංක 62, කුසල් පෙරේරා 22, කුසල් මෙන්ඩිස් 14, පවන් රත්නායක 44, දුනිල් වෙල්ලාලගේ නොදැවී 15, බ්ලෙසින් මුසරාබනී 38/2, බ්‍රැඩ් එවන්ස් 35/2, ග්‍රේම් ක්‍රීමර් 27/2) සිම්බාබ්වේ පිල ඕවර 19.3 කදී කඩුලු 4 ට 182 (බ්‍රයන් බෙනෙට් නොදැවී 63, තදිවනාෂි මරුමානච 34, රයන් බුර්ල් 23, ශීකන්දර් රාසා 45, දුෂාන් හේමන්ත 36/2, දුනිත් වෙල්ලාලගේ 27/1, දසුන් ශානක 26/1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.