
ක්‍රීඩා, දේශීය පුවත්
ශ්‍රී ලංකාව – නවසීලන්තයට අද තරගය තීරණාත්මකයි
(ෂෙවෝන් ප්‍රනාන්දු)
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ සත්කාරක ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තීරණාත්මක තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (25) රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතය.
මෙම කණ්ඩායම් දෙකම අවසන් පූර්ව තරගය පිළිබඳව බලාපොරොත්තු තබා ගැනීමට නම් ජයග්‍රහණය කිරීම අනිවාර්ය.
ශ්‍රී ලංකාව එංගලන්තය හමුවේ පළමු තරගය පරාජය වීමෙන් ප්‍රසාද ලකුණු නොලබා දෙවැනි කාණ්ඩයේ අවසන් ස්ථානයේ පසුවෙයි.
නවසීලන්තය සහ පාකිස්තානය අතර තරගය වර්ෂාව හේතුවෙන් පැවැත්වීමට නොහැකිවීමෙන් නවසීලන්තය එක තරගයකට පමණක් සහභාගි වී ප්‍රසාද ලකුණක් සමගින් දෙවැනි කාණ්ඩයේ දෙවැනි ස්ථානය පසුවෙයි.
මෙම තත්වය හමුවේ අද තරයෙන් ජය ලබන කණ්ඩායමට අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමේ වැඩි බලාපොරොත්තු තබාගත හැකිය.




