ලාෆ් ගෑස් තරු පෙන්වයි

(ඔගස්ටා පෙරේරා) ‘ලාෆ්’ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,070 කින් ඉහළ දමන බව එම සමාගම අද (5) පස්වරුවේ පැවසීය. ‘ලාෆ්’ කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 418 ඉහළ දැමූ බවත් ලාෆ් ගෑස් නව මිල අද (5) මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් එම සමාගම කීය. එම මිල ඉහළදැමීමත් සමඟ ‘ලාෆ්’ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5,700 ක් සහ කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,280 ක් දක්වා ඉහළ ගිය බවත් එම සමාගම සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.