පීඩනයෙන් කොටසක් ඉන්ධන පාරිභෝගිකයට දුන්නලු

(සාලිය සමන්)
ඉන්ධන සඳහා වැඩි ඩොලර් ප්‍රමාණයක් රටින් පිටවීමෙන් ඇතිවන පීඩනයෙන් කොටසක් ඉන්ධන පාරිභෝගිකයාට විතැන්කිරීමේ අදහසින් ඉන්ධන මිල ඉහළ දැමූ බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද (1) පැවසීය.
වැඩි ඩොලර් ප්‍රමාණයක් රටින් පිටවීම වැලැක්වීමට අනිවාර්යෙන්ම ඉන්ධන පරිභෝජනය අඩුකළ යුතු අතර මැයි මාසය වන විට ඉන්ධන ආනයනයට ඩොලර් මිලියන 524 ක් වැයකිරීමෙන් විදේශ විනිමය හැටියට රටින් පිටවීමේ තත්වය තව දුරටත් දරාගත නොහැකි බවත් ඒ නිසා රටක් හැටියට කල්පනා කර අනිවාර්යෙන්ම ඉන්ධන පරිභෝජනයේ අඩුකිරීමක් කර රටෙන් එළියට යන ඩොලර් ප්‍රමාණය අඩු කිරීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී ඉන්ධන මිල වැඩිවීමට බලපෑමක් ඇති වන අතර ඒ හරහා සමස්ත ආර්ථිකයට කිසියම් බලපෑමක් ඇති වියහැකි බවත් අමාත්‍යවරයා කීය.
යම්කිසි පීනයක් ඇතිවනවා වුණත් පීඩනයේ කොටසක් මේ වෙලාවේ ඉන්ධන පාරිභෝගිකයාට දී එහි වැඩි කොටසක් රජය දරමින් තවත් කොටසක් ඉන්ධන සැපයුම් කරන සමාගම් වෙත යොදමින් අවස්ථාවට මුහුණදීම රජයේ ප්‍රතිපත්තිය බව කී  අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පසුගිය මාස කීපයේම තෙල්වල මිල වැඩිවීම ගත්තොත් පෙට්‍රල් 95 සියයට 45.59 කින්, පෙට්‍රල් 92 සියයට 48.12 කින්, ඩීසල් සියයට 44.84 කින්, සුපර් ඩීසල් සියයට 45.29 කින් පමණක් ඉහළ දමාඇති බවත් ඒත් සමඟ බැලුවීට ලෝකයේ සෙසු රටවල්වලට සාපේක්‍ෂව මෙරට තවමත් අඩු ප්‍රතිශතයකින් ඉන්ධන මිල වැඩි කර ඇතැයි පෙණෙන බවත් ඒ මහතා කීය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.