සරණ ගුණවර්ධන වැලිකඩ බන්ධනාගාරයට


(සාලිය සමන්)
හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා වැලිකඩ බන්ධනාගාරයට ඇතුළත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ. සී. ගජනායක මහතා පැවසීය.  
සරණ ගුණවර්ධන මහතා සාමාන්‍ය වාට්ටුවකට යොමු කළ බව කී ගජනායක මහතා ඒ මහතා සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ද සඳහන් කළේය.
සරණ ගුණවර්ධන මහතාට නඩු හතරකට වසර 4 බැගින් බරපතල වැඩ සහිත වසර 16 ක සිරදඬුවම් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා අද (9) පෙරවරුවේ නියම කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.