සරණට වසර 4 බැගින් සිරදඩුවම්

හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට නඩු හතරකට බරපතළ වැඩ සහිත වසර 4 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා අද (9) පෙරවරුවේ නියම කළේය.
දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගොනුකර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු සරණ ගුණවර්ධන මහතාට එක් එක් නඩුවට මෙසේ බරපතළ වැඩ සහිත වසර 4 බැගින් කොළඹ මහාධිකරණය සිරදඬුවම් නියම කළේය.
සිරදඩුවමට අමතරව එම නඩු සඳහා සරණ ගුණවර්ධන මහතාට රුපියල් ලක්ෂ 18ක දඩයක් ද අධිකරණය නියම කර තිබේ.
2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම ආයතනයට වාහන තුනක් කුලී පදනම මත ගැනීමේදී ඒවායේ හිමිකරුවන්ට වාසියක් සැළසෙන ආකාරයෙන් කටයුතු කරමින් රජයට පාඩුකිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම, සරණ ගුණවර්ධන මහතාට එරෙහිව නඩු හතර ගොනුකර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.