(ෂෙවෝන් ප්‍රනාන්දු, රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)
ශ්‍රී ලංකා, ඉන්දියා සහ ඇෆ්ගනිස්තාන් ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ ඉන්දීය ‘ඒ’ කණ්ඩායම අතර අද (9) පැවැති තරගයෙන් ඉන්දීය ‘ඒ’ ක්‍රීඩකයෝ ලකුණු 8 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ.
මෙම තරගාවලිය සියලුම තරග රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ජයග්‍රහණය සඳහා ලකුණු 278 ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා ‘ඒ’ පිල ඕවර 48.5 කදී ලකුණු 269 කට සීමාවිය.
ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුලු හතර ලකුණු 7 ක් තුළ මෙන්ම අවසන් කඩුලු තුන ලකුණු 269 දී බිඳවැටීමෙන් ජයග්‍රහණය අහිමිවිය.
නායකත්වයේ වගකීම ඉටුකළ නායක සහන් ආරච්චිගේ අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා ‘ඒ’ පිල ජයග්‍රහණය පෙණෙන මානයට රැගෙන ආවද පසු පෙළ පිතිකරුවන් අසාර්ථකවීමෙන් පරාජය වැළඳගැනීමට සිදුවිය. සහන් පන්දු 72 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 74 ක් රැස්කළේය.
ශ්‍රී ලංකා පිල ලකුණු 109 කට කඩුලු 3 ක් දැවී සිටියදී නායක සහන් ආරච්චිගේ (74) සහ සදීර සමරවික්‍රම (46) සිවුවැනි කඩුල්ලට ලකුණු 78 ක සම්බන්ධතාවක් පවත්වමින් ශක්තිමත් තත්වයකට රැගෙන ඒමට සමත් වූහ.
ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් වූ නිරෝෂන් දික්වැල්ල (47) අවිෂ්ක ප්‍රනාන්දු (45) ලකුණු 93 ක සම්බන්ධතාවක් පවත්වමින් හොඳ අඩිතාලමක් දැමූහ.
පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් අනගි ඉනිමක් ක්‍රීඩා කළ රුටුරාජ් ගයික්වාට් පන්දු 114 කින් හතරේ පහර 6 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 101 ක් රැස්කිරීමට සමත් විය.
ඉන්දීය ප්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියේ වීරයා බවට පත්වූ 15 හැවිරිදි වෛහව් සූර්යවංශි පන්දු 12 කින් ලකුණු 14 ක් පමණක් රැස්කර පළමු කඩුල්ල ලෙස දැවීගියේය.
ඉන්දීය ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම ඕවර 50 යේදී කඩුලු 6 ට 277
(වෛහව් සූර්යවංශි 14, ප්‍රියන්ෂ් ආර්යා 32, රුටුරාජ් ගයික්වාට් 101, තිලක් වර්මා 60, ආයුෂ බදෝනි 24, සුර්යාන්ෂ් ශිඩ්ගේ නොදැවී 26, චාමික කරුණාරත්න 46/1, මොහොමඩ් හිරාෂ් 67/2, ගරුක සංකේත් 49/1, වනුජ සහන් 35/1)
ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම ඕවර 48.5 කදී සියලු දෙනා දැවී 269
(නිරෝෂන් දික්වැල්ල 47, අවිෂ්ක ප්‍රනාන්දු 45, සදීර සමරවික්‍රම 46, සහන් ආරච්චිගේ 74, වනුජ සහන් 23, විප්‍රාජ් නිගාම් 46/2, අනුකුල් රෝයි 49/2, ආයුෂ් බදෝනි 46/2, අර්ෂාඩ් ඛන් 24/2)


