ශ්‍රී ලංකා ‘ඒ’ පිල ඇෆ්ගනිස්තානය පරදවයි


(ෂෙවෝන් ප්‍රනාන්දු, රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)  
ශ්‍රී ලංකා, ඉන්දියා සහ ඇෆ්ගනිස්තාන් ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි තරගය ලෙස සත්කාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන් ‘ඒ’ කණ්ඩායම අතර අද (13) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ කඩුලු 8 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.
මෙම තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕවර 41කදී සම්පූර්ණ කළ යුතුව තිබූ ලකුණු 231ක ජයග්‍රාහී ඉලක්කය ඕවර 28.1 කදී කඩුලු දෙකක් පමණක් දැවී සම්පූර්ණ කළහ.
ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 79 කදී හතරේ පහර 14 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 108 ක් රැස්කිරීමට සමත් විය.
ලකුණු පුවරුව
ඇෆ්ගනිස්තාන් ඒ පිල ඕවර 49.4 කදී සියලු දෙනා දැවී 245
(හසන් ඉසකිල් 46, බහීර් ෂා 44, ෆර්මනුල්ලා 35, චාමික ගුණසේකර 32/3, කුලතස් මාතුලන් 42/2, විජයඛාන්ත් වියස්ඛාන්ත් 37/2)
ශ්‍රී ලංකා ඒ පිල ඕවර 28.1 කදී කඩුලු 2 ට 232
(නිරෝෂන් දික්වැල්ල 49, අවිෂ්ක ප්‍රනාන්දු නොදැවී 108, සදීර සමරවික්‍රම නොදැවී 60,
ෆර්මනුල්ලා 40/2)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.