(ඔගස්ටා පෙරේරා)
ඔක්ටේන් 92 පෙට්රල් සහ ලංකා සුදු ඩීසල් මිල අඩු කළ බව ලංකා ඛනිජ තෙල් නිසාගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
නව මිල අද (29) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන බවත් ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල රුපියල් 20කින් සහ ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් පහත දැමූ බවත් එම සංස්ථාව කීය.
ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 414 ක් සහ ලංකා සුදු ඩිසල් ලීටරයක නව මිල රුපියල් 382ක් බව ද ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.
ඔක්ටේන් 95 පෙට්රල්, සුපිරි ඩීසල් සහ සහ භූමිතෙල් මිල වෙනස් නොවන බව කී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඒ අනුව ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල රුපියල් 495 ක ද, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 478 ක ද, භූමිතෙල් මිල රුපියල් 285 ක ද, තවදුරටත් පවතින බව ද වැඩිදුරටත් සඳහන් කළේය.


