ශ්‍රී ලංකා පළමු ඉනිම 308 යි


(ෂෙවෝන් ප්‍රනාන්දු)
සංචාරක ශ්‍රී ලංකා පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඇන්ටිගුවාහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල සියලු දෙනා දැවී ලකුණු 308 ක් රැස් කළේය.
තරගයේ පළමු දිනයේ ක්‍රීඩාව අවසන් කරන විට බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු නොලබා සිටියේය.
ශ්‍රී ලංකා පිල කඩුලු ලකුණු 110 කට කඩුලු 5 ක් දැවී අවිනිශ්චිත තත්වයට පත්ව සිටියදී නායක ධනංජය ද සිල්වා (120) සහ සොනාල් දිනූෂ (43) හයවැනි කඩුල්ලට 99 ක සම්බන්ධතාවක් පවත්වමින් ඉනිම ගොඩනැගූහ.
ධනංජය ද සිල්වා පන්දු 168 කින් හතරේ පහර 17 කින් ලකුණු 120 ක් රැස්කළේය.
සොනාල් දිනූෂ පන්දු 75 ක් කඩුල්ල රැකගනිමින් හතරේ පහර 6 ක් සමගින් අනගි ලකුණු 43 ක් රැස්කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා පිලේ ප්‍රබලතම පිතිකරුවන් වන පැතුම් නිස්සංක (2), කමිඳු මෙන්ඩිස් (0) සහ කුසල් මෙන්ඩිස් (0) අසාර්ථක වූහ.
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා පිල පළමු ඉනිම ඕවර 71.5 කදී සියලු දෙනා දැවී 308
(නිෂාන් මධුෂ්ක 23, දිනේෂ් චන්දිමාල් 54, ධනංජය ද සිල්වා 120, සොනාල් දිනූෂ 43, මිලාන් රත්නායක 27, ජස්ටින් ග්‍රීව්ස් 39/3, කීමර් රෝච් 32/2, අල්ෂාරි ජෝශප් 60/2, ශාමර් ජෝශප් 79/2)
බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම ඕවර 1 කදී කිසිවකු නොදැවී 0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.