(සාලිය සමන්)
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල රුපියල් 300 කින් අද (3) මධ්‍යම රාත්‍රියේ සිට පහළ දැමූ බව ලිට්‍රෝ ගෑස් සමාගම මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
ඒ අනුව ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් පහළ දැමූ බවත් එහි නව මිල රුපියල් 4,465 ක් බවට පත්වූ බවත් එම සමාගම කීය.
ලිට්‍රෝ කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 118 කින් පහළ දැමු අතර එහි නව මිල රුපියල් 1,792ක් දක්වා පහළ ගිය බවත් එම ගෑස් කිලෝග්‍රැම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55 කින් පහළ දැමීමත් සමග එහි නව මිල රුපියල් 835 ක් බවට පත් වූ බවත් එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේය.
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල රුපියල් 700 කින් අප්‍රේල් මස ඉහළ දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 4,765 ක, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1,910 ක සහ කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 890 ක පැවතුණි.


