නිමල් සිරිපාල – වෘත්තීය සමිති ගැටෙති


(ඔගස්ටා පෙරේරා)
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම එහි සේවයකන් විනාශ කරන්නේ යැයි කී ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ එම ගුවන් සමාගම දේශපාලඥායන් විනාශ කළේ යැයි කී එහි වෘත්තීය සමිති නායකයන් අතර උණුසුම් තත්වයක් අද (26) පස්වරුවේ ඇතිවිය.
කටුනායක ගුවන්තොටුපලේදී ඊයේ (25) අළුයම ඇතිවූ ව්‍යාකූල තත්වය පිළිබඳව කරුණු විමසීම සඳහා කොළඹ පිහිටි ගුවන්සේවා අමාත්‍යංශයේදී අද පස්වරුවේ පැවැති හමුවේදී මෙම උණුසුම් තත්වය ඇතිවිය.
අමාත්‍යවරයා සහ වෘත්තීය සමිති නියෝජිතයන් අතර පැයකට අධික කාලයක් පැවැති වාදය උණුසුම් වෙද්දී අමාත්‍යවරයා හමුව නවතා නැගිට ගිය අතර ශ්‍රී ලන්කන් සමාගම හිටපු දේශපාලනඥයන් විනාශ කළ ආකාරය සාක්‍ෂි සහිතව ඔප්පු කළ හැකි යැයි වෘත්තීය සමිති නායකයෝ මහ හඩින් පැවසූහ.  
කටුනායකදී පසුගිය ඉරිදා සිද්ධියට සේවකයන් වගකිව යුතු මෙන්ම එදින සේවයට වාර්තා නොකර නිවාඩු ගත් සේවකයන්ගේ වැඩ වහාම තහනම් කළ යුතු බවත් එම සමාගම සේවකයන් විනාශ කරන්නේ යැයි අඛණ්ඩව සේවකයන්ට දොස් නඟන්ට විය.
එම විරෝධයට ප්‍රතිචාර දක්වමින් වෘත්තීය සමිති නායකයන් පැවසුවේ එම සමාගමේ සේවකයන් කිසිදිනක සේවය කරන ආයතනය වැට්ටීමට කටයුතු නොකළ බවත් දේශපාලඥයන් ශ්‍රී ලන්කන් සමාගම විනාශ කළ බවත්ය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.