හොරණ වෙඩික්කරු රට පනින්න යද්දී මාට්ටු


(සාලිය සමන්)
හොරණ, බේස්ලයින් වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙක්ට වෙඩි තබා රටින් බලායෑමට පැමිණි වෙඩික්කරු යැයි හදුනාගත් පුද්ගලයා කටුනායක ගුවන්තොටුපලේදී අද (5) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව මහජන ආරක්‍ෂක අමාත්‍යංශය පැවසීය.
කටුනායක ගුවන්තොටුපල ස්වයංක්‍රීය මුහුණු හදුනාගැනීමේ පද්ධතිය (ඒ.එෆ්.ආර්.එස්.) හරහා අදාල පුද්ගලයා හදුනාගත් බවත් අත්අඩංගුවට ගත් සැකකරු හොරකැටිය, හොරණ ලිපිනයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක් බවත් එම අමාත්‍යංශය කීය.
හොරණ පොලිස් වසමේ බේස්ලයින් වත්ත ප්‍රදේශයේදී  ස්කුටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණ හොරණ ප්‍රදේශයේ පදිංචි වල්පිටගේ දොන් සංජය අසන්ත යන අයට අද පෙරවරු 11.00 ට පමණ මෙම වෙඩි තැබීම කළ බවත් වෙඩි වැදීමෙන් තුවාල ලැබු සැකකරු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් එම අමාත්‍යංශය සඳහන් කළේය.
වෙඩි වැදුණු පුද්ගලයා සහ වෙඩි තැබූ පුද්ගලයා යන පාර්ශව දෙක අතර   දිර්ඝ කාලයක සිට පැවැති ආරවුලක් මත වෙඩි තැබීම කර ඇතැයි මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බව කියන මහජන ආරක්‍ෂක අමාත්‍යංශය වෙඩිතැබීමට පැමිණි යතුරුපැදිය හොරණ පොලිස් වසමේදී විශේෂ කාර්ය බලකාය සිද්ධිය වී පැය කීපයකදී අත්අඩංගුවට ගැනීමට සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.