ශ්‍රී ලංකාව ලකුණු 161 කට සීමාවෙයි


(ෂෙනික ගමගේ, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ සිට..)
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ දැන් පැවැත්වෙන දෙවැනි තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලට ඕවර 20 අවසානයේ කඩුලු නවයක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 161 ක් පමණි.
ශ්‍රී ලංකා ඉනිමේ සාර්ථකම පිතිකරු වූ කුසල් පෙරේරා පන්දු 34 කින් ලකුණු 54 ක් රැස්කළ අතර එම ලකුණු 54 ට හතරේ පහර හයක් සහ හයේ පහර දෙකක් ඇතුළත් විය.
පළමු තරගයේදී මෙන්ම ඉදිරි පෙළ පිතිකරුවන් සාර්ථක වුවද මැද පෙළ සහ පසු පෙළ පිතිකරුවන් අසාර්ථක වීම කැපී පෙනුණි. දසුන් ශානක (0) සහ වනිඳු හසරංග (0) අසාර්ථක වීමෙන් අවසන් ඕවර පහේදී ඉනිම කඩා වැටුණි.
ශ්‍රී ලංකාව ඕවර 20 කදී කඩුලු 9 ට 161
(පැතුම් නිස්සංක 32, කුසල් පෙරේරා 54, කමිඳු මෙන්ඩිස් 26, චරිත් අසලංක 14, අර්ෂ්දීප් සිං 24/2, රවී බිෂ්නෝයි 26/3, හර්ද්‍රික් පාණ්ඩියා 24/2)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.