ක්රීඩා, දේශීය පුවත්
ශ්රී ලංකාවෙන් ඕස්ටේ්රලියාවට ඉතිහාසගත ‘ෆුල්’ සුද්දයක්
(ෂෙවෝන් ප්රනාන්දු)
ශ්රී ලංකා ක්රීඩකයෝ ඕස්ටේ්රලියාවට එරෙහිව පැවැති තරග දෙකකින් සමන්විත එක්දින ක්රිකට් තරගාවලිය 2-0 ක් ලෙස ජය ලැබීමට අද (14) සමත් වූහ.
කොළඹ ආර්. ප්රේමදාස ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේ අද පැවැති දෙවැනි සහ අවසන් තරගයේදී ශ්රී ලංකා පිල ලකුණු 174 කින් ඕස්ටේ්රලියාව පරාජය කළේය.
මෙම ලකුණු 174 ක ජයග්රහණය ශ්රී ලංකා ක්රිකට් ඉතිහාසයේ ඕස්ටේ්රලියාවට එරෙහිව ලැබූ දැවැන්තම ජයග්රහණය ලෙස ඉතිහාසයට එකතු විය.
ජයග්රහණය සඳහා ලකුණු 282 ක ඉලක්කය හඹාගිය ඕස්ටේ්රලියානු පිල 25 වැනි ඕවරයේදී ලකුණු 107 කට සීමාකිරීමට ශ්රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
යොවුන් දඟ පන්දු යවන ක්රීඩක දුනිත් වෙල්ලාලගේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 35 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් විය.
පළමුව පන්දුවට පහර දුන් ශ්රී ලංකා පිල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් පන්දු 115 කදී හතරේ පහර 11 ක් සමගින් ලකුණු 101 ක් රැස්කිරීමට සමත් විය. මෙය කුසල් මෙනඩිස්ගේ 5 වැනි එක්දින ශතකයයි.
නායක චරිත් අසලංක වේගවත් ඉනිමක් ක්රීඩා කරමින් පන්දු 66 කින් හතරේ පහර 6 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 78 ක් රැස්කරමින් ශ්රී ලංකා පිල ලකුණු 281 ක් දක්වා රැගෙන ඒමට සමත් විය.
චරිත් අසලංක තරගාවලියේ වීරයා ලෙස ද, කුසල් මෙන්ඩිස් තරගයේ වීරයා ලෙස ද, සම්මාන ලැබූහ.
ශ්රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලු 4 ට 281
(නිෂාන් මධුෂ්ක 51, කුසල් මෙන්ඩිස් 101, චරිත් අසලංක නොදැවී 78, ජනිත් ලියනගේ නොදැවී 32)
ඕස්ටේ්රලියානු පිල ඕවර 24.2 කදී සියලු දෙනා දැවී 107
(ස්ටීවන් ස්මිත් 29, ජොෂ් ඉන්ලිස් 22, අසිත ප්රනාන්දු 23/3, දුනිත් වෙල්ලාලගේ 35/4, වනිඳු හසරංග 23/3)


